Sunday, May 19, 2024

General line - 0115112241

අති විශේෂ ගැසට් නිවේදනයකින් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම "මුදල් අමාත්‍යාංශය" යටතට

දිනුක් හේවාවිතාරණ




මේ දක්වා අමාත්‍යාංශ යටතට පත් නොකර තිබු විෂය පථයන් කිහිපයක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නියෝගයකට අනුව අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් අදාළ අමාත්‍යංශ වෙතට පවරා තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිසම් සභාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ඇති බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වේ. එමෙන්ම ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සහ එහි පාලිත ආයතනයන් මුදල් අමාත්‍යාංශය යටතට පත් කර තිබෙනවා.

ඊට අමතරව මහින්ද රාජපක්ෂ ටෙලි - සිනමා ගම්මානය (රන්මිණිතැන්න) නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතට පත් කර ඇති අතර ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සහ එහි පාලිත සමාගම් හා ආශ්‍රිත ආයතන විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යංශ විෂය පථයට එක් කිරීමට කටයුතු කර ඇත.