Sunday, May 19, 2024

General line - 0115112241

ආණ්ඩුකාරවරුන්ගේ කි‍්‍රයාකලාපයට මැතිසබයේදී විරෝධය

දිල්ශාන් තුෂාර




වත්මන් ආණ්ඩුවේ ඇති ප‍්‍රධානම ගැටලූව එක සම්මුතියක පිහිටා කටයුතු නොකිරීම බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර, ආචාර්ය සරත් අමුණුගම පවසනවා. ඒ, පාර්ලිමේන්තුවේ අද (09) පැවැති විවාදයට එක්වෙමින්. 

අපි කියන්න ඕනේ පසුගිය ආණ්ඩුවේ අපි සියලු දෙනාම එකට එක්  වෙලා වැඩ කළා. ජනාධිපතිතුමා අගමැතිතුමා වගේම ඇමතිවරුන් සියලු දෙනාම. මම ඒ කැබිනට් එක නියෝජනය කරපු නිසා ඒ ගැන දන්නවා. අද බලන්න හොදම උදාහරණයක් විදිහට ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා දිහා. ඔහු දෙයක් කරන්න ගියාම එකේ වැඩකටයුතු භාගයක් කරන් යද්දී එකේ වගකීම තවත් අයෙක්ට පවරනවා. ඔහුගේ බලාපොරොත්තුව තිබුනේ මහනුවර කොළඹ අධිවේගී මාර්ගය හදන එක. නමුත් තාම එකේ වැඩ අවසන් කරන්න ලැබිලා නැහැ යැයි ආචාර්ය සරත් අමුණුගම කියා සිටියා.

විවාදයට එක්වෙමින් අමාත්‍ය ගයන්ත කරුණාතිලක, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අයවැය පිළිබඳ මෙලෙස අදහස් පළ කළා. 

ගම්මිරිස් වෙළඳපල සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස් බී දිසානායක සහ අමාත්‍ය දයා ගමගේ අතර මෙවන් සංවාදයක් ඇතිවුණා. 


වතුකම්කරු වැටුප සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ වුණා. අමාත්‍ය පලනි දිගම්බරන් කියා සිටියේ ළගදීම වතුකම්කරුවන්ට වැටුප් වැඩිවීමක් සිදු වන බවයි. 

මේ අතර ආණ්ඩුකාරවරුන්ගේ කි‍්‍රයාකලාපය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර හේෂා විතානගේ, අමාත්‍ය වජිර අබේවර්ධනගෙන් විමසීමක් කළා.