Sunday, May 19, 2024

General line - 0115112241

පැය 5ක මෙහෙයුමකින් බස්නාහිර පළාතේ බිමත් රියදුරන් 222ක් අත්අඩංගුවට




බීමත් රියදුරන්ගෙන් බහුතරය යතුරුපැදිකරුවන් බව අනාවරණ වී තිබෙනවා. ඒ, 2018 වසරේ අත්අඩංගුවට ගත් බීමත් රියදුරන්ගේ දත්ත ඇසුරින් කළ සමීක්ෂණයකදීයි. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ තී‍්‍ර රෝද රථ රියදුරන් ද ඉකුත් වසරේදී වැඩිවශයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඊයේ (08) රාතී‍්‍ර 12 සිට අද අලූයම 5 දක්වා ද බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ වැටලීමක් බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදු කෙරුණා. මේ, ඒ සම්බන්ධයෙන් පැහැදිළි කළ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරීවරයා.

අත්අඩංගුවට ගත් සියලූ රියදුරන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමේ කටයුතු සිදු කෙරෙන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.