Thursday, May 9, 2024

General line - 0115112241

අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට




පාර්ලිමේන්තු මාර්ගය අවහිර වන ලෙස කලහකාරීව හැසිරීමේ චෝදනාවට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල කැඳවුම්කරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවනවා.

----------------------------------------------------------------------------------------------------------

අන්තරේ විරෝධතාවයට පොලීසියෙන් කඳුළු ගෑස් (UPDATE)

13-03-2019 17:00

 

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පැවැත්වූ විරෝධතාව විසුරුවා හැරීම සඳහා පාර්ලිමේන්තුව වට රවුම ආසන්නයේදි පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මේ හේතුව නිසා ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් පවතින බවයි වාර්තාවන්නේ.

 

 
 
 
 
 
 
 
 
 
 

 

--------------------------------------------------------------------------------------------------------------------------

සරසවි සිසුන්ගේ විරෝධතා පාගමන පාර්ලිමේන්තුව දෙසට (UPDATE)

13-03-2019 15:19

සරසවි සිසුන්ගේ විරෝධතා පාගමන කොළඹ වොඩ් පෙදෙසේ සිට බොරැල්ල රාජගිරිය යරහා පාර්ලිමේන්තුව දෙසට පැමිණෙමින් ඇති බව වාර්තාවනවා

-------------------------------------------------------------------------------------------------------------------

සරසවි සිසුන්ගේ පාගමනක් හේතුවෙන් මාර්ග කිහිපයක රථ වාහන තදබදයක්

13-03-2019 14:47

සරසවි සිසුන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ, වෝඩ් පෙදෙස ආශ‍්‍රිත මාර්ගවල රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් විසින් මෙම විරෝධතාව ආරම්භ කළේ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම ඉදිරිපිටින්.

පාර්ලිමේන්තුව අසළදී විරෝධතාවක නිරත වීම ඔවුන්ගේ අරමුණයි.