Tuesday, May 14, 2024

General line - 0115112241

ආසන වෙන් කළ මැදිරිය හදිසියේ නොමැතිවීමෙන් මගීන් පිරිසක් කොටුව දුම්රිය පොළේ අසීරුතාවක

නිශාන් ද සිල්වා/තරංග රුක්ෂාන්




මහනුවර බලා යාමට කලින් වෙන් කළ ආසන සහිත මැදිරිය දුම්රියට එක් කර නොතිබීමේ සිද්ධියක් මුල් කර ගනිමින් දුම්රිය මගීන් පිරිසක් කොටුව දුම්රිය ස්ථානයේදී අද අසීරුතාවකට මුහුණපෑවා.

ඔවුන් මෙලෙස ප‍්‍රවේශපත‍්‍ර වෙන්කර ගෙන තිබුණේ කොටුවේ සිට මහනුවර බලා ධාවන වන දුම්රියේයි.

බ්ලූ නයින් නමින් හදුන්වන සුඛෝපභෝගි මැදිරියේ ආසන මෙම පිරිස කලින් වෙන්කර ගෙන තිබුණා.

එහෙත් අද ධාවනය වූ දුම්රියට එම මැදිරිය ඇතුළත්ව නොතිබූ බවයි මගීන් කියාසිටියේ.

තමන්ට සිදුවූ අසාධාරණය ගැන දුම්රිය වාණිජි අධිකාරීවරයාට පැමිණිලි කළ බව නෙත් නිවිස් වෙත කියා සිටියා.