Monday, May 13, 2024

General line - 0115112241

තුන්වන ආසියානු යොවුන් මළල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී තවත් පදක්කම් දෙකක් (PHOTOS)

කසුන් කැළුම්




හොංකොංහි පැවැත්වෙන තුන්වන ආසියානු යොවුන් මළල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී තවත් පදක්කම් දෙකක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව අද (17) සමත් වුණා.

මීටර් 400 කඩුළු පැනීමේ ධාවන ඉසව්වට එක් වූ මහනුවර විහාර මහාදේවී බාලිකා විද්‍යාලයේ අමේෂා හෙට්ටිආරච්චි එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත්තා. 

මීට නොබෝ වේලාවකට පෙර පැවති Medley relay සහාය දිවීමේ පිරිමි ධාවන ඉසව්වේ අවසන් තරගයට එක් වූ ශ්‍රී ලංකාව එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අවසන් ක්‍රීඩකයා ලෙස එම ඉසව්වේදී යෂ්ඨිය ලබාගත් නවිෂ්ක සංදිෂ් අවසන් මීටර් අසූවේදී තියුණු සටනක් ලබාදෙමින් ශ්‍රී ලංකාවට රිදී පදක්කම හිමිකරදීම කැපී පෙනුනා.

මෙම පදක්කමත් සමග ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේදී රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට සමත්ව සිටිනවා.