Saturday, May 11, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව ගතයුතු ස්ථාවරය පිළිබඳ විපක්ෂනායකගෙන් දීර්ඝ ලිපියක්




එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන තවත් යෝජනාවකට සම අනුග්‍රහය දක්වන බවට ආණ්ඩුව ප්‍රකාශ කර ඇතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ, “ජිනීවාහිදී ශ්‍රී ලංකාව ගත යුතු ස්ථාවරය” නමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්.

එමඟින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ මෙවර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට එරෙහි සටන මෙහෙයවන්නේ බ්‍රිතාන්‍ය විසින් බවයි. එහෙත් මෙම යෝජනා සම්මත කර ගැනීම නවතා ගැනීමට බ්‍රිතාන්‍ය සමඟ කිසිදු සාකච්ඡාවක් ශ්‍රී ලංකා රජය සිදු කර නොමැති බවද මහින්ද රාජපක්ෂ මහතා සිය නිවේදනය මඟින් පෙන්වා දෙනවා.

අදාළ යෝජනාවෙන් ශ්‍රී ලංකාව ප්‍රශංසා කර ඇති බැවින් ඊට සම අනුග්‍රහය ලබාදීම ප්‍රශ්නයක් නොවන බව ආණ්ඩුව ප්‍රකාශ කර ඇති බවයි එහි දැක්වෙන්නේ. එහෙත් අදාළ ප්‍රශංසා හිමි වී ඇත්තේ රණවිරුවන් පාවා දෙන නව නීති සම්මත කර ගැනීමට ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග සඳහා බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා. 

මේ අතර ඉකුත් ආණ්ඩු සමයේ ලබාගත් ණය සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මාතලේ පැවති උත්සවයක දී අදහස් පළ කළා. 

ජනතා විරෝධි අයවැයට විරෝධය පළ කිරීමට තිබූ අවස්ථාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැමුන්ගේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් අහිමි වූ බවද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.