Monday, May 20, 2024

General line - 0115112241

ස්ථාන දෙකක ව්‍යාපාරිකයන් දෙදෙනෙක් කොල්ලකෑමට යමින් සිටි කල්ලියක් අල්ලයි




ව්‍යාපාරිකයින් දෙදෙනෙකු කොල්ලකෑමකට යමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඇල්පිටිය, මණ්ඩකන්ද ප්‍රදේශයේදී.

ඔවුන් ගමන්ගත් මෝටර් රථයේ තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, ව්‍යාජ පිස්තෝලයක්, මිලිමීටර් නවය වර්ගයේ ජීව උණ්ඩ 3 ක්, තියුණු ආයුධ දෙකක්, මුහුණු ආවරණ 4 ක් සහ අංක තහඩු දෙකක්ද තිබී සොයා ගැණුනා.

සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ අම්බලන්ගොඩ සහ ඌරගහ යන ප්‍රදේශවලදී ව්‍යාරිකයන් දෙදෙනෙකු කොල්ලකෑම තම අරමුණ වී තිබූ බවයි.