Monday, May 20, 2024

General line - 0115112241

අන්තරේ කැඳවුම්කරුට ඇප

අධිකරණ වාර්තාකරු




මහජනයාට හිරිහැරයක් වන ආකාරයට උද්ඝෝෂණයක් මෙහෙයවීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කළා.

ඒ අනුව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු මහීල් බන්ඩාර දෙහිදෙනිය රුපියල් එක්ලක්ෂ පනස්දහසක ශරීර ඇපයක් මත මුදාහැරීමට අධිකරණය නියෝග කළා.

යෝජිත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙසට ඉල්ලමින් පසුගිය බදාදා බත්තරමුල්ල ප්‍රදේශයේදී සිදු කළ විරෝධතාවකදී ජනතාවට පීඩාවක් ඇති වන ආකාරයට කටයුතු කිරීමේ වරදට වැලිකඩ පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා.