Monday, May 20, 2024

General line - 0115112241

කිරි හරක් ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවේ උණුසුම් සංවාදයක් වෙයි

සමන්ත කුමාර/ පසන් වික්‍රමතිලක




විදෙස් රටවලින් මෙරටට ගෙන්වූ එළදෙනුන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද (18) උණුසුම් සංවාදයක් ඇති වුණා.

ඒ, වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඇසූ ප්‍රශ්නයක් සමගයි.

එහිදී ඔහු සඳහන් කළේ "කිරි දෙනුන් ගන්නකොට කිව්වේ කිරි ලීටර් 25ක් 30ක් හම්බවෙනවයි කියලා.  හැබැයි දැන් ලංකාවේ ඉන්න බටු හරක්ට වැඩිය තත්ත්වය නරක් වෙලා තියෙන්නේ. මෙතන විශාල වංචාවක් සිදු වෙලා තියෙන්නේ." යනුවෙනි.

කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් ඊට ප්‍රතිචාර දක්වමින් පැවසුවේ එළදෙනුන් ගෙන්වීම සිදුව ඇත්තේ 2014 වසරේ සිට බවයි.  මේ ගිවිසුම අවලංගු කරන්නේ නම් එදා තත්ත්වය අනුව විශාල වන්දියක් ගෙවීමට සිදුවූ බවද සඳහන් කළා. මෙම එළදෙනුන් ගෙන්වීමට පෙර මෙරට තුළ කිසිදු පරීක්ෂණයක් ද සිදුකර නොතිබුණ බවයි සඳහන් කළේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඊට ලබාදුන්නේ මෙවන් පිළිතුරක්. "මම පරණ ඒවා වහන්න හදන්නේ නෑ.. ඒ මහ හරක් කරපු ඒවා වැරදියි. හැබැයි දැනට ඔබතුමන්ලා අරං නියෙන පියවරත් ප්‍රමාණවත් මදි." 

මෙම විවාදයට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස ද එක් වූ අතර අමාත්‍ය පී. හැරිසන් ද ඊට මැදිහත් වුණා.

එහිදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ "දැන් ප්‍රශ්නය තියෙන්නේ..මේ කිරි හරක් ගෙනල්ලා ලක්ෂ්මන් වසන්ත පෙරේරා සහ විජිතමුණි සොසියා මන්ත්‍රිවරු ගත්ත හරක්ට හොඳට කිරි එරෙනවා.  ඒවයෙ ලීටර් 25ක් 30ක් එනවා.  අනෙක් ව්‍යාපාරිකයයි ගොවියයි ගත්ත හරක්ට කිරි ලීටර් අටක් දහයක්වත් එරෙන්නේ නෑ. " යනුවෙනි.