Monday, May 20, 2024

General line - 0115112241

පෞද්ගලික අංශයේ සේවකයින්ට 2,500කින් වැටුප් වැඩි කරන්නැයි මැතිසබයේදී යෝජනාවක්

දිල්ශාන් තුෂාර




පෞද්ගලික අංශයට ද රුපියල් 2,500ක හෝ වැටුප් වැඩිවීමක් ලබාදෙන්නැයි පාර්ලිමේන්තුවේ දී අද යෝජනා කෙරුණා. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ විසින්. කම්කරු අමාත්‍යංශය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දී මෙම යෝජනාව ඉදිරිපත් කෙරුණා. 

වෘත්තීය සමිති, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතට පැවරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මෙහිදී අදහස් පළ කළා. 

කම්කරු හා වෘත්තිය සමිති සබඳතා අමාත්‍යංශය වෙනුවෙන් විවාදයට එක්වූනේ රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීරයි. 

කම්කරු හා වෘත්තිය සමිති සබඳතා, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ක්‍රීඩා යන අමාත්‍යංශවල වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා විවාද අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.