Monday, May 20, 2024

General line - 0115112241

යාපනයේ STF ප්‍රහාරය TNA ගිණුමට බැරවෙයි

මහේෂ් චතුරංග




එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාවට රජය සම අනුග්‍රහය දැක්වූයේ දෙමළ ජාතික සන්ධානය සතුටු කිරීමට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. අයවැය සඳහා පාර්ලිමේන්තුවේ බහුතරය රැක ගැනීම එහි අපේක්ෂාව වූ බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ. මේ, එහි සභාපති, හිටපු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්. 

නීති විරෝධි වැලි ජාවාරමක් වැටලීමට ගිය අවස්ථාවේ පොලිස් විශේෂ කාර්ය බලකායට යාපනයේ දී එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පැවසුවේ එහි සැකකරුවන්ට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක වේදැයි සැක පවතින බවයි.  

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු යෝජනාවට ශ්‍රී ලංකාව දැක්වූ සම අනුග්‍රහය තම පාලනයක් යටතේ අවලංගු කරන බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියා.