Monday, May 20, 2024

General line - 0115112241

ගෝඨාභය ගැන පොදු එකඟතාවයක් - පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල




ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ නම් කිරීමට මේ වනවිට පොදු එකඟතාවක් ගොඩනැඟී ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා. ඔහු ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් අදහස් පළ වීමත් සමඟ ආණ්ඩුව මෙතෙක් සිදු නොකළ සංවර්ධන ක්‍රියාදාමයක් ද ආරම්භ කර ඇති බවයි. 

රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක ඉකුත් සමයේ සිදු කළ ප්‍රකාශ කිහිපයක් පිළිබඳව ද උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා මෙහිදී අදහස් පළ කළා. 

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මෙම අදහස් පළ කළේ කොළඹ අද (18) පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.