Monday, May 20, 2024

General line - 0115112241

ජනාධිපතිවරණයට එජාපයෙන් "විශිෂ්ට අපේක්ෂකයෙක්" - ඇමති හකීම් කියයි

කාංචන කුමාර ආරියදාස - දඹුල්ල




එක්සත් ජාතික පෙරමුණ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හොඳ හිත මේ වනවිට පළුදු වී ඇති බැවින් විශිෂ්ට අපේක්ෂකයෙකු යොදා ඉදිරි ජනාධිපතිවරණය ජය ගන්නා බව අමාත්‍ය රාවුෆ් හකීම් පවසනවා. එක්සත් ජාතික පක්ෂය මේ වනවිටත් තනිව ආණ්ඩුවක් ගෙන යන බවත් ඊට අනෙක් පක්ෂවල සහය රහසිගතව හෝ ලැබෙන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
 

අමාත්‍ය රාවුෆ් හකීම් මෙම අදහස් පළ කළේ ගලේවෙල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.