Monday, May 20, 2024

General line - 0115112241

රත්ගම ව්‍යාපාරිකයින්ගේ ඝාතනයට තවත් 08ක් CID අත්අඩංගුවට - පොලිසියේ 07කුත් ඒ අතර

හේමන්ත කහවලගේ




ගාල්ල රත්ගම ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තවත් පුද්ගලයින් 08 දෙනෙකු අද (18) අත්අඩංගුවට ගැණුනා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. දකුණු පළාත් විශේෂ ඒකකයට අනුයුක්තව සිටි පොලිස් නිලධාරීන් 07 දෙනෙකු සහ වලස්මුල්ල රක්ෂිතය භාර අඩවි වන නිලධාරියා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ. 

මේ අතර අද අත්අඩංගුවට සැකකරුවන් 08 දෙනා ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.