Sunday, May 19, 2024

General line - 0115112241

නාගානන්දගෙන් ප්‍රතිශෝධන පෙත්සමක්

ඩිල්ෂාන් මඩවල




තම නීතිඥභාවය වසර 03කට තහනම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) ලබාදුන් නියෝගයට එරෙහිව ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කරන බව නාගානන්ද කොඩිතුවක්කු පවසනවා. ඔහුගේ නීතිඥභාවය මෙලෙස වසර 03කට තහනම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේ අධිකරණයට අපහාස කළේ යැයි ඔහු වරදකරුවෙකු කරමින්. පසුව සමාජ මාධ්‍ය ඔස්සේ නාගානන්ද කොඩිතුවක්කු ඊට ප්‍රතිචාර දැක්වූවා.

2015 වසරේ මැයි මස 31 වනදා අභියාචනාධිකරණයේ පැවති නඩුවක දී එවකට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු වූ විජිත් මළල්ගොඩට සහ අභියාචනාධිකරණයේ ගරුත්වයට හානි වන පරිදි ප්‍රකාශයක් සිදු කළේ යැයි නාගානන්ද කොඩිතුවක්කු චෝදනාවට ලක්ව සිටිනවා.