Monday, May 20, 2024

General line - 0115112241

“වස විස නැති ජාතික පොළ හා ප්‍රදර්ශනය” සමඟ එක්වන්න

හේමන්ත කහවලගේ




“වස විස නැති ජාතික පොළ හා ප්‍රදර්ශනය” සමඟ එක්වන්නැයි ව්‍යාපාරිකයින්ට ආරාධනාවක් කෙරෙනවා. ශ්‍රී ලංකා ජාතික මහා සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසන්නේ වස විස නොමැති ආහාර අළෙවි කර ගැනීමට මෙන්ම මිළදී ගැනීමටද මෙය ඉතා හොද අවස්ථාවක් බවයි.

ලබන 30, 31 සහ අප්‍රේල් මස පළමු වනදා යන දිනවල කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී මෙම “වස විස නැති ජාතික පොළ හා ප්‍රදර්ශනය” පැවැත්වෙනවා. 

“වසවිස නැති ජාතික පොළ හා ප්‍රදර්ශනය” සදහා නිල රේඩියෝ මාධ්‍ය අනුග්‍රහය ලබාදෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.