Saturday, May 18, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය ගැන ස්විට්සර්ලන්තය ප‍්‍රසාදය පළ කරයි




අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීම සඳහා ශ‍්‍රී ලංකා රජය ගෙන ඇති කි‍්‍රයාමාර්ග අගය කරන බව ස්විට්සර්ලන්තය පවසනවා.

ශ‍්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තාතාපති හාන්ස් පීටර් මැක්, මේ බව ප‍්‍රකාශ කළේ අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ හමුවු අවස්ථාවේයි.

එහිදී දෙරටේ අධිකරණ පද්ධති අතර සහයෝගීතාව ඇති කර ගැනීම සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු වී තිබෙනවා.

එමෙන්ම අධිකරණ පද්ධතියේ සංවර්ධනය, පුහුණුවීම්, නීතිමය ප‍්‍රතිසංස්කරණ දැනුම ලබා දීම වැනි කටයුතු සඳහා ස්විට්සර්ලන්තය ලබා දෙන සහයෝගය ඉතා අගය කරන බවයි අමාත්‍ය තලතා අතුකෝරළ, ස්විට්සර්ලන්ත තානාපතිවරයා වෙත පවසා ඇත්තේ.

එසේම ශ‍්‍රී ලංකාව වෙත ස්විට්සර්ලන්ත රජය මෙතෙක් ලබා දුන් සහයෝගය ඉදිරියටද අපේක්ෂා කරන බව ද අමාත්‍ය තලතෙ අතුකෝරළ මෙහිදි වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබෙනවා