Saturday, May 18, 2024

General line - 0115112241

ක්‍රීඩා කරමින් සිටි සිසුවෙක් හදිසියේ මියයයි

දිනුක් හේවාවිතාරණ




සිය මිතුරන් සමග පාපන්දු ක්‍රීඩාවේ යෙදී සිටි 18 හැවිරිදි පාසල් සිසුවෙක් මොරටුව වේල්ස් කුමරු විදුහලේ ක්‍රීඩාංගනයේදී ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා. මෙලෙස මියගොස් ඇත්තේ කමිදු දුල්සර ද අල්විස් නම් 18 හැවිරිදි සිසුවෙක් බවයි පොලිසිය පැවසුවේ.

පාපන්දු ක්‍රීඩාවේ යෙදිමින් සිටි සිසුවා එක්වර ක්ලාන්ත ගතියක් ඇතිවී පිටියේ ඇද වැටී ඇති අතර වහාම පොලිසිය මැදිහත්වී ගිලන් රථයකින් එම සිසුවා පානදුර රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කළ බව මොරටුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩි.එම්. අබේසේකර කියා සිටියේ.

කෙසේ වෙතත් එම සිසුවා රෝහලට ඇතුලත් කරන් අවස්ථාව වන විටදීත් මියගොස් ඇති බවට වෛද්‍යවරුන් පැවසූ බවත් හෙට දිනයේදී පැවැත්වීමට නියමිත පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව සිසුවාගේ හදිසි මරණයට හේතුව පිළිබඳව නිශ්චිතව ප්‍රකාශ කිරීමට හැකි වනු ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.