Saturday, May 18, 2024

General line - 0115112241

නෙත් එෆ්. එම් සංවිධානය කරනා ජේතවන සෑරද වන්දනා පිංකම අදයි

ලහිරු කපුගේ




නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන ජේතවන සෑරද වන්දනා මහා පිංකම අද අනුරාධපුර ඓතිහාසික ජේතවනාරාම සෑ රදුන් අභියසදී පැවැත්වෙනවා.

අතීත රජ දවසේ සිට රට දැය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ට පිං පැමිණවීම, ආබාධිත රණවිරුවන් ඇතුළු රටවාසී සියළු දෙනාට සෙත්පතා මෙම මහා පිංකම සංවිධාන කෙරෙනවා. මෙය සංවිධාන කෙරෙන්නේ පූජ්‍ය ගලිගමුවේ ඥාණදීප ස්වාමීන් වහන්සේගේ සහ පූජ්‍ය වතුරකුඹුරේ ධම්ම රතන ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වය යටතේයි.

මෙම පිංකම සම්බන්ධයෙන් කරුණු දැක්වූ පූජ්‍ය ගලිගමුවේ ඥාණදීප ස්වාමීන් වහන්සේ. 

 

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ද මෙම පිංකම සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත කරුණු දැක්වූවා.