Saturday, May 18, 2024

General line - 0115112241

ත්‍රිපිඨකය ලෝක උරුමයක් කිරීම අධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කිරීමේ ප්‍රවේශයක්!

ලහිරු කපුගේ




ජාතික උරුමයක් කළ උතුම් ති‍්‍රපිටක ධර්ම දායාදය ලෝක උරුමයක් දක්වා ඔසවා තැබීමට තබා ඇති සෑම පියවරක්ම මෙරට මෙන්ම අන්තර්ජාතිකවද විශාල අධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කිරීමේ පරිවර්තනීය යුගයක ප‍්‍රවේශයක් බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

වාරියපොල ශී‍්‍ර විශුද්ධාරාම විහාරස්ථානයේ ඉදිකරන ලද අභිනව බුද්ධ ප‍්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියාසිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියාසිටියේ යහපත් සමාජයක් ගොඩ නැගීම සදහා ඇති අභියෝග හදුනාගෙන සියළු දෙනා කටයුතු කළයුතු බවයි.