Saturday, May 18, 2024

General line - 0115112241

වස විස නැති ජාතික පොළ එළඹෙන 30 දා

හේමන්ත කහවලගේ/ ලහිරු කපුගේ




එළඹෙන 30 වනදා ආරම්භ වන වස විස නැති ජාතික පොළ හා ප‍්‍රදර්ශනය සදහා අපේක්‍ෂා කළාටත් වඩා වැඩි නිෂ්පාදකයින් පිරිසක් දැනටමත් එක්ව සිටින බව ශී‍්‍ර ලංකා ජාතික මහා සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. 

සාමාන්‍ය ප‍්‍රදර්ශනයකට සීමා නොවී තවත් වැඩසටහන් ගණනාවක් මේ සදහා එක්කර ඇති බවයි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් නෙත් නිවුස් වෙත කියාසිටියේ.

 

කෘෂි රසායනික ද්‍රව්‍ය නොමැතිව ගොවිතැන සිදුකළ නොහැකි බවට ඇතැම් මන්තී‍්‍රවරුන්ද වැරදි මතයක සිට කටයුතු කරන බවද පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙහිදී පෙන්වා දුන්නා.