Saturday, May 18, 2024

General line - 0115112241

මන්නාරම සමූහ මිනී වළේ කැණීම් මාස තුනකට අත්හිටවයි

මාධව කුලසූරිය




මන්නාරම සමූහ මිනී වළේ කැණීම් කටයුතු මාස 3 කාලයක් සදහා අත්හිටුවීමට මන්නාරම මහේස්ත‍්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. 

ඒ, අදාළ කැණීම් සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ මන්නාරම අධිකරණ සංකීර්ණයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. 

පුරාවිද්‍යා ජේ්‍යෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව, විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරුන්, රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවේ නියෝජිතයින්, පොලිස් නිලධාරීන්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට අනුබද්ධ නිලධාරීන් සහ අතුරුදන්වූවන්ගේ ඥාතීන් එම සාකච්ඡාවට එක්ව සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

අදාළ කැණීම් කටයුතු සම්බන්ධයෙන් පුරාවිද්‍යා වාර්තාව මාස 3 කාලයක් ඇතුළත අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මන්නාරම මහේස්ත‍්‍රාත්වරයා මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු කැණීම් කටයුතු සිදුකළ කණ්ඩායම වෙත දැනුම් දී තිබෙනවා.