Saturday, May 18, 2024

General line - 0115112241

අලුගෝසු තනතුරේ සම්මූඛ පරීක්ෂණ 27 සහ 28 දා

නිශාන් ද සිල්වා




අලුගෝසු තනතුරට සුදුසුකම් ලැබූ පිරිස් ලබන 27 සහ 28 දෙදින සම්මුඛ පරීක්‍ෂණ සදහා කැදවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. මීට පෙර එම සම්මුඛ පරීක්‍ෂණ ඊයේ සහ පෙරේදා යන දෙදින පැවැත්වීමටයි කටයුතු කර තිබුණේ. 

එහෙත් එම සම්මුඛ පරීක්‍ෂණ කල් දැමීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගත්තා. ලබන සතියේ පැවැත්වෙන සම්මුඛ පරීක්‍ෂණ සදහා කැදවා ඇති පුද්ගලයන් සංඛ්‍යාව 79 ක්. 

වදක තනතුර සදහා අමෙරිකානු ජාතිකයෙකු ඇතුළු 102 දෙනෙකු ඉල්ලූම්පත් එවා තිබූ බව බන්ධනාගාර ආරංචි පැවසුවා. කෙසේවෙතත් එම පිරිසෙන් 23 දෙනෙකු සම්මුඛ පරීක්‍ෂණවලින් ඉවත් කෙරුණේ අවශ්‍ය සුදුසුකම් සපුරා නොතිබීම හේතුවෙන්. 

බන්ධනාගාර මූලස්ථානයේ පැවැත්වෙන එම සම්මුඛ පරීක්‍ෂණවලින් වදක තනතුරට පුද්ගලයින් දෙදෙනෙකු තෝරා ගැනීමට නියමිතයි. එලෙස තෝරා ගන්නා දෙදෙනාට සතියක පුහුණුවක් ලබාදීමට නියමිතව තිබෙනවා.