Monday, May 20, 2024

General line - 0115112241

සාමාන්‍ය පෙළ විභාග ප‍්‍රතිඵල ලබන සතියේ

නිශාන් ද සිල්වා




2018 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල ලබන සතියේ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළේ මේ වනවිට ප‍්‍රතිඵල නැවත පරීක්‍ෂා කරන බවයි. 

එම කාර්යය තවත් දින කිහිපයකින් සිදුකර අවසන් කරන බවත් පසුව සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිපල නිකුත් කරන බවත් ඔහු කියාසිටියා. ඉකුත් දෙසැම්බර් 3 වනදා සිට දෙසැම්බර් 12 වන දින දක්වා මධ්‍යස්ථාන 4,661දී විභාගය පැවැත්වුණා. ඊට පෙනී සිටි මුළු අපේක්‍ෂකයන් සංඛ්‍යාව 656,641 ක්.