Monday, May 20, 2024

General line - 0115112241

හෙරොයින් කිලෝවක් සමග පුද්ගලයින් දෙදෙනෙකු හලාවතදී අල්ලයි

කසුන් කැලුම්




හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 01ක් ලග තබා ගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු හලාවත ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කළා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ මෙම හෙරොයින් තොගය තී‍්‍රරෝද රථයකින් ප‍්‍රවාහනය කරමින් සිටියදීයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.