Monday, May 20, 2024

General line - 0115112241

ඕමාන ඛනිජ සම්පත් ඇමතිවරයා දිවයිනට (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




ඕමාන ඛනිජ සම්පත් අමාත්‍ය ආචාර්ය මොහොමඩ් අහමඩ් අල් රුහුමි අද (23) දිවයිනට පැමිණියා. මෙරටට පැමිණි ඕමාන ඛනිජ සම්පත් අමාත්‍යවරයාව පිළිගැනීමට අමාත්‍ය කබීර් හෂීම් කටුනායක ගුවන් තොටුපළට පැමිණ සිටියා.

හම්බන්තොටදී ඉදිකිරීමට නියමිත ඉන්ධන පිරිපහදුවේ හෙට (24) පැවැත්වීමට නියමිත සමාරම්භක උත්සවයට සහභාගී වීම සඳහා ඕමාන ඛනිජ සම්පත් අමාත්‍යවරයා දිවයිනට පැමිණි බවයි වාර්තා වන්නේ.

හම්බන්තොට වරාය ආශ්‍රිතව ඉදිකිරීමට යෝජිත මෙම ඉන්ධන පිරිපහදුව සඳහා වන ව්‍යාපෘතියේ ඇස්තමේන්තු වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 3.85ක් බවත් එය සිංගප්පුරුවේ ආයෝජන මත ඉන්දියාවේ වාහන නිෂ්පාදන සමාගමක් සහ ඕමාන රජයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් බවයි ශ්‍රී ලංකා රජය  නිවේදනය කර සිටියේ. මෙමගින් දෛනිකව බොර තෙල් බැරල් 200,000ක් පිරිපහදු කිරීමට හැකිවන බවටද ප්‍රකාශ කෙරුණා.