Saturday, May 18, 2024

General line - 0115112241

ජනතාවට අවුරුදු සමරන්න වෙන්නේ අඳුරේ ඉදන් - මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන කියයි

මහේෂ් චතුරංග




විදුලි අර්බුදය හේතුවෙන් එළඹෙන සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද ජනතාවට අඳුරේ සැමරීමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (25) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. 

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම ද මෙහිදී අදහස් පළ කළා. ඔහු එහිදී කියා සිටියේ විදුලිබල මණ්ඩලයේ සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්ෂණ ජයවර්ධන එම ධුරයෙන් ඉවත් කිරීම පිටුපස දේශපාලන බලපෑමක් පවතින බවයි.