Saturday, May 18, 2024

General line - 0115112241

අල්ලස් ගත් අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරිනියකගේ වැඩ තහනම්




ගාල්ල ප‍්‍රදේශයේ ජාතික පාසලකට සිසුවියක් ඇතුළත් කිරීම සඳහා මුදල් අල්ලසක් ලබාගත් බවට චෝදනා එල්ල වූ අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරිණියකගේ වැඩ තහනම් කර තිබෙනවා. මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේඛන සහකාර තනතුරේ කටයුතු කළ නිලධාරිණියක්. 

අධ්‍යාපන අමාත්‍යංශයට ලැබුණු පැමිණිල්ලක් අනුව සිදු කෙරුණු මූලික විමර්ශනවලින් අනතුරුව එම නිලධාරිණියගේ වැඩ තහනම් කිරීමට පියවර ගත් බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ. එම නිලධාරිණිය සම්බන්ධයෙන් ඉදිරියේදී විනය ක‍්‍රියාමාර්ග ගන්නා බවද අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළා.