Saturday, May 18, 2024

General line - 0115112241

බෞද්ධ දර්ශනය සුරකීමට සෑම පියවරක්ම ගන්නා බව ජනපති අවධාරණය කරයි




ථේරවාද බෞද්ධ දර්ශනය සුරක්ෂිත කිරීමට ගතහැකි සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ත‍්‍රිපිටකාභිවන්දනා සතියට සමගාමීව ඉකුත් සතියේ දී රට තුළ විශාල බෞද්ධාගමික ප‍්‍රබෝධයක් දක්නට ලැබුණු බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේ ගිරිතලේ පුරාණගම ධර්ම විජයරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කළ ධර්ම ශාලාව සහ ශ‍්‍රවණාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.