Saturday, May 18, 2024

General line - 0115112241

වස විස සහිත ආහාර නිසා අනාගත පරපුර අනතුරේ

හේමන්ත කහවලගේ/දිල්ශාන් තුෂාර




ආර්ථික වාසි වෙනුවෙන් ආහාර පානවලට වස විස මිශ‍්‍ර කිරීමේ ප‍්‍රවණතාව ඉහළ ගොස් ඇති බව ගායන සහ රංගන ශිල්පී රෝහණ බැද්දගේ පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ ලබන 30 වැනිදා සිට අපේ‍්‍රල් මස පළමු වැනිදා දක්වා පැවැත්වෙන ‘‘වස විස නැති ජාතික පොළ හා ප‍්‍රදර්ශනය’’ පිළිබඳ අදහස් දක්වමින්. 

වස විස සහිත ආහාර හේතුවෙන් වැඩි වශයෙන් පීඩාවට පත්වන්නේ අනාගත පරපුර සහ ග‍්‍රාමීය ප‍්‍රදේශවල ජනතාව බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

ශ‍්‍රී ලංකා ජාතික මහ සභාව විසින් සංවිධාන කෙරෙන මෙම වස විෂ නැති ජාතික පොළ හා ප‍්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණශාලා පරිශ‍්‍රයේදී පැවැත්වෙනවා. නෙත් එෆ්. එම්. රේඩියෝව එහි රේඩියෝ අනුග‍්‍රාහකයා වනවා.