Saturday, May 18, 2024

General line - 0115112241

උපාධි නිර්මාණ ප‍්‍රදර්ශනය ඇරඹෙයි




සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ දෘශ්‍ය පීඨයේ මෙම වසරේ උපාධි ලැබීමට නියමිත සිසුන්ගේ උපාධි නිර්මාණ ප‍්‍රදර්ශනය ඊයේ (25) ආරම්භ වුණා.

ඒ, එම විශ්ව විද්‍යාලයේ ජේ. ඞී. ඒ. පෙරේරා කලාගාරයේදීයි.

මෙම ප‍්‍රදර්ශනය අද (26) සිට මහජනතාවට විවෘත වන බවයි සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ දෘශ්‍ය පීඨයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජගත් රවීන්ද්‍ර සඳහන් කළේ. 

සිසුන්ගේ නිර්මාණ දහසකට ආසන්න සංඛ්‍යාවක් මෙම ප‍්‍රදර්ශනයට ඇතුළත් බවද මෙහිදි ප‍්‍රකාශ කෙරුණා.