Saturday, May 18, 2024

General line - 0115112241

"සන්ධාන සාකච්ඡා සිදු වුවද දෙපාර්ශ්වය අතර ආන්දෝලනාත්මක තත්ත්වයක්"

දිල්ශාන් තුෂාර




නව සන්ධානයක් ගොඩනැගීම වෙනුවෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය හා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා පැවැත්වුණද නිදහස් පක්‍ෂයේ කි‍්‍රයාකලාපය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර පි‍්‍රයදර්ශන යාපා පවසනවා.

මන්තී‍්‍රවරයා කියාසිටියේ දෙපාර්ශ්වය සාකච්ඡාවල නිරත වුවද ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ඇතැම් පිරිස් සිදුකරන ප‍්‍රකාශ හේතුවෙන් ආන්දෝලනාත්මක තත්ත්වයක් හටගෙන ඇති බවයි. 

මේ අතර පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෂෙහාන් සේමසිංහ පැවසුවේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ සුළු පිරිසක් එක්සත් ජාතික පක්‍ෂයට වාසි වන අයුරින් කටයුතු කරමින් සිටින බවයි.

නව සන්ධානයක් ගොඩනැගීම වෙනුවෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය හා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා වට දෙකක් ඉකුත් දිනවලදි පැවැත්වුණා. එම සාකච්ඡාවලින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර කියාසිටියේ මෙම සාකච්ඡාවලදි පොදු එකඟතා කිහිපයකට එළඹීමට හැකි වූ බවයි.