Saturday, May 18, 2024

General line - 0115112241

"මින් ඉදිරියට ඉදිකිරීම් සඳහා දේශපාලනඥයින්ගේ නම් බෑ"

දිල්ශාන් තුෂාර




මින් ඉදිරියට බස්නාහිර පළාතේ කිසිදු ඉදිකිරීමක් සඳහා දේශපාලනඥයින්ගේ නම් යෙදීමට ඉඩ නොදෙන බව පළාත් ආණ්ඩුකාර අසාද් සාලි පවසනවා.

සෙසු පළාත්වල ආණ්ඩුකාරවරුන්ද මෙම තීරණය කි‍්‍රයාත්මක කරනු ඇති බවයි ආණ්ඩුකාරවරයා කියාසිටියේ.

මෙම තීරණය හේතුවෙන් ප‍්‍රසිද්ධ පාසල් පිළිබඳ ගැටළුවටද ඉදිරියේදී විසදුමක් ලැබෙනු ඇති බවයි බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් කියාසිටියේ.

එහිදී "වටින මිනිස්සුන්ගේ නම් දාපු පරණ පාසල් තියෙනවා..ඒවාවල නම් අයින් කරලා එක එක්කෙනාගෙ නම් දාන්න කියලා කැබිනට් අනුමැති එනවා. යෝජනා එනවා.. ඉතින් අපි ඒවා ක්‍රියාත්මක කරන්නේ නෑ. " යනුවෙන් සඳහන් කළා.