Saturday, May 18, 2024

General line - 0115112241

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ලංකාවට බලපෑම් කිරීම නතර කළ යුතුයි

දිල්ශාන් තුෂාර




ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ශී‍්‍ර ලංකාවට කරන බලපැම් නතර කිරීමට කාලය පැමිණ ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය සරත් අමුණුගම අද (26) පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා. ඒ, විදේශ කටයුතු අමාත්‍යාංශය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින්.

ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක විවාදයට එක්වුණා. ඔහු කියාසිටියේ යුද මානව හිමිකම් සම්බන්ධයෙන් පමණක් නොව තවත් ක්‍ෂේත‍්‍ර රැසක් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී අවධානය යොමුකළ යුතු බවයි.

මේ අතර ආන්දෝලනයකට තුඩු දී ඇති විල්පත්තු ජාතික වනෝද්‍යානය සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කෙරුණා.

ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා කියාසිටියේ විල්පත්තු ජාතික වනෝද්‍යානය සම්බන්ධයෙන් පළ වන වාර්තා පිළිබද සොයා බැලීමට ජනාධිපති විශේෂ කොමිෂන් සභාවක් පත් කරන ලෙසයි. 

අයවැය කාරක සභා අවස්ථා විවාදය පාර්ලිමේන්තුවේදි තවදුරටත් පැවැත්වෙනවා. එහිදී අද විවාදයට ගැණෙන්නේ විදේශ කටයුතු අමත්‍යාංශයේ සහ සංචාරක සංවර්ධන, වනජීවි හා කි‍්‍රස්තියානු ආගමික කටයුතු අමාත්‍යාංශයේ වැය ශිර්ෂයි.