Saturday, May 18, 2024

General line - 0115112241

ජනාධිපතිවරණයකදී සහය දෙන අපේක්ෂකයා ගැන මහින්දගෙන් ප්‍රකාශයක්

හේමන්ත කහවලගේ




ඉදිරි ජනාධිපතිවරණයේදී ජයග‍්‍රහණය කළ හැකි අපේක්‍ෂකයාට සිය සහාය ලබාදෙන බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා.

කෙසේවෙතත් එවැනි අපේක්‍ෂකයෙකු පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි විපක්‍ෂ නායකවරයා කියාසිටියේ.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරමින් පවතින බවද ඔහු ප‍්‍රකාශ කළා.

විපක්‍ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ මාධ්‍ය ආයතනවල ප‍්‍රවෘත්ති අංශ ප‍්‍රධානීන් සමග විපක්‍ෂ නායක කාර්යාලයේදි අද (26) පෙරවරුවේ පැවති හමුවකට එක්වෙමින්. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්‍ෂ මහතා කියාසිටියේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ, ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවට තමන් සමග ප‍්‍රකාශ කළ බවයි. 

මේ අතර විල්පත්තු ජාතික වනෝද්‍යානය පමණක් නොව සිංහරාජ වනාන්තරයද මේ වනවිට විනාශ කරමින් පවතින බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා මෙහිදී කියාසිටියා. ඒ සම්බන්ධයෙන්ද ජනතාව දැනුවත් කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ.