Saturday, May 18, 2024

General line - 0115112241

කොළඹ ප්‍රදේශ කිහිපයක පැය 09ක ජල කප්පාදුවක්




කොළඹ ප‍්‍රදේශ කිහිපයකට අද (26) පැය 9ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව අද රාතී‍්‍ර නවයේ සිට හෙට පෙරවරු 6 දක්වා කොළඹ 13, 14 සහ 15 ප‍්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි ප‍්‍රකාශ කෙරුණේ. ඊට අමතරව කොටුව සහ පිටකොටුව ප‍්‍රදේශවලට අදාළ කාලය තුළ අඩු පීඩනයක් යටතේ ජලය සපයනු ඇති.

හදිසි හා අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජලසම්පාදන මණ්ඩලය පැවසුවේ.