Saturday, May 18, 2024

General line - 0115112241

ශ‍්‍රී ලාංකිකයන්ද ඇතුළත් නෞකාවක් ඕස්ටේ‍්‍රලියාව රඳවා ගනියි

සමන්ත කුමාර




ශ‍්‍රී ලාංකික සහ පිලිපීන ජාතික කාර්ය මණ්ඩල සාමාජිකයන් 17 දෙනෙකුගෙන් සමන්විත ජර්මනියට අයත් නෞකාවක්  ඕස්ටේ‍්‍රලියාවෙන් පිටවීම එරට බලධාරීන් විසින් වළක්වා තිබෙනවා. ඒ, තමන්ට නිසි පරිදි ආහාර සහ අනෙකුත් පහසුකම් සපයා නොමැති බවට එම කාර්ය මණ්ඩලය  ඕස්ටේ‍්‍රලියානු බලධාරීන්ට පැමිණිලි කිරීමත් සමඟයි.

‘ ඇනා එළිසබෙත්’’ නමැති මෙම නෞකාව දකුණු  ඕස්ටේ‍්‍රලියාවේ කෙම්ලා වරායේ රඳවා ඇති බවය විදෙස් වාර්තා අනාවරණ කළේ.