Saturday, May 18, 2024

General line - 0115112241

විදුලි අර්බුදයෙන් හෙළිවන සැබෑ අර්බුදය පොහොට්ටුව පෙන්වයි

මහේෂ් චතුරංග




විදුලිය කපා හැරීමෙන් රටේ පවතින ආර්ථික අර්බුදය වඩාත් පැහැදිලි වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර ප‍්‍රියදර්ශන යාපා පවසනවා. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියා. 

විදුලිය කපන්නේ ඇයි? විදුලිය කපන්න නැතුව ඉන්න පෞද්ගලික අංශයෙන් විදුලිය ගන්න ඕනේ. එහෙම කරන්න නම් විදුලි බල මණ්ඩලයට මේ වසර සඳහා රුපියල් බිලියන 80ක් යනවා. ආණ්ඩුවට විදුලිය ගන්න සල්ලි නැහැ. හරිනම් පැය 4ක් නෙමේ පැය 6ක් විතර විදුලිය කපන්න වෙනවා. තාම නියගයක් පටන් ගත්තා විතරයි. මෙතන පෙන්නේ ආණ්ඩුවේ තියෙන මුල්‍ය කඩා වැටීම. මෙහෙම ඉදිරියට ගියොත් ආණ්ඩුවට වැටුප් පවා ගෙවන්න පවා නොහැකි වන තත්ත්වයක් ඇති වෙයි, මන්ත්‍රීවරයා පවසා හිටියා.

පවතින විදුලි අර්බුදයට වත්මන් ආණ්ඩුව වගකිව යුතු බවද පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මෙහිදී පැවසුවා.  

මේ වන විට කර්මාන්ත ශාලා වලට යන වියදම් වැඩි වෙලා තියෙනවා. අධිවේගී මාර්ග වලට විදුලිය නැති නිසා ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙලා තියනවා. පාසල් පමණක් නෙවෙයි ග්‍රාමීය රෝහල්වලට ගැටළු වලට මුහුණ පාන්න සිද්ධ වෙලා තියනවා යයි මන්ත්‍රීවරයා පවසා සිටියා.