Saturday, May 18, 2024

General line - 0115112241

විදුලි කප්පාදුව නතර කරන දිනය ගැන රවීගෙන් ප‍්‍රකාශයක්




පවතින විදුලි අර්බුදයට අපේ‍්‍රල් මස 10 වනදා වනවිට ස්ථීර විසඳුමක් ලබාදෙන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රවී කරුණානායක පවසනවා. කොළඹ දී අද (26) ආරම්භ වූ න්‍යෂ්ටික තාක්ෂණය සඳහා වූ ආසියා සහ ශාන්තිකර කලාපීය රටවල 41 වන සහයෝගීතා සමුළුවේ සමාරම්භක උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

ඇත්ත වශයෙන්ම විදුලි බලය සම්බන්ධයෙන් මේ මස 29 වෙනිදා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තු වනවා. ඒ වගේම අප්‍රේල් මස 10 වෙනිදා වන විට විදුලි අර්බුධය සඳහා ස්ථිර සාර විසදුමක් ලබා දීමට පියවර ගන්නා බව ඇමතිවරයා කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රවී කරුණානායක. 

2014 වසරේ සිට ජනනය කිරීම සඳහා කිසිදු වැඩපිළිවලක් සිදු කරලා නැහැ. සෑම වසරකම සියයට 7-8 බැගින් විදුලි සැපයුම වැඩි වෙනවා. නමුත් එය සම්බන්දයෙන් ඉතිහාසයට බැනලා වැඩක් නැහැ. මේ සඳහා ස්ථිර සාර විසදුම ගැන ලබන 29 වෙනිදට පාර්ලිමේන්තුවේදී හෙළි කරන්නම්. සිදුවූ දේ ගැන කණගාටුයි. මදක් ඉවසලා සිටින්න කියලා ඉල්ලා සිටිනවා යැයි ඇමතිවරයා කියා සිටියා.