Saturday, May 18, 2024

General line - 0115112241

කාන්තා දායකත්වය නොමැතිව රට දියුණු කරන්න බැහැ - අගමැති




රටේ බහුතරයක් වන කාන්තාවන් දේශපාලන, ආර්ථික හා සමාජීය වශයෙන් බලගැන්වීම සඳහා වත්මන් රජය මේ වනවිට පියවර රැසක් ගෙන ඇති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. කාන්තාවන්ගේ දායකත්වය නොමැතිව රටේ ආර්ථිකය දියුණු කළ නොහැකි බවයි අරලියගහ මන්දිරයේ අද (26) පැවති ධනාභිමානි කාන්තා සම්මේලනය අමතමින් අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියේ. 

ප‍්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යංශය යටතේ පිහිටුවා ඇති සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව එම උත්සවය සංවිධාන කර තිබුණා.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියේ ප‍්‍රාදේශීය සභා මට්ටමින් කාන්තා නියෝජනය සියයට 25 දක්වා වැඩි කිරීමට සිය රජයට හැකි වීම කාන්තාවන් ලද විශාල ජයග‍්‍රහණයක් වන බවයි.