Saturday, May 18, 2024

General line - 0115112241

අවධානය ගිලිහිනු කරුණක් ගැන මහින්ද මතක් කරයි

හේමන්ත කහවලගේ




ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර රජය විසින් ගෙන ඒමට නියමිත ප‍්‍රති ත‍්‍රස්ත පනත් කෙටුම්පතේ ක්ෂේත‍්‍ර ගණනාවකට බලපාන භයානක තත්වයන් පවතින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. එහෙත් ඒ පිළිබඳ ජනතාව එතරම් දැනුවත් වී නොමැති බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ. 

අද (26) පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල ප‍්‍රධානීන් හමු වූ අවස්ථාවේ දී මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියා. 

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, මහාචාර්ය ජී එල් පීරිස් ද මෙම අවස්ථාවට එක්ව සිටියා. නව පනත් කෙටුම්පත මගින් වෘත්තීය සමිති, මාධ්‍ය ක්ෂේත‍්‍රය ඇතුළු ක්ෂේත‍්‍ර ගණනාවක පුද්ගලයින්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවයි ඔහු පෙන්වා දුන්නේ.  

පොලිස් රාජ්‍යයකට අඩිතාලම දැමීම ද මෙමගින් සිදු වන බව මහාචාර්ය ජී එල් පීරිස් වැඩිදුරටත් පෙන්වා දුන්නා.