Saturday, May 18, 2024

General line - 0115112241

විදුලි අර්බුධයට පිළියම් සොයන්න ජනපතිගෙන් කමිටුවක්

සමන්ත කුමාර




විදුලි අර්බුදය සම්බන්ධයෙන් සොයා බැලිමට  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අමාත්‍ය කමිටුවක් පත් කර තිබෙනවා. 

ඇමැතිවරුන් සිව් දෙනෙක් ගෙන් සමන්විත එම කමිටුවේ ප්‍රධානත්වය දරන්නේ විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය වන රවී කරුණානායකයී. කබීර් හෂීම්, ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ඉරාන් වික්‍රමරත්න එම කමිටුවේ සිටින අනෙක් සාමාජිකයින් වනවා.

මේ අතර පවතින වියළි කාලගුණයත් සමග විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම තවදුරටත් පහත බැස තිබෙනවා.

ඊට පිළියමක් ලෙස ක්‍රියාත්මක කෙරුණු කෘතිම වැසි ඇති කිරිමේ ව්‍යාපෘතියද ඊයේ තාවකාලිකව නතර කිරිමට විදුලිබල මණ්ඩලය තීරණය කළා.

ඒ අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරුණු මාවුස්සාකැලේ සහ කාසල්රී ජල පෝෂක ප්‍රදේශ ආශ්‍රිත අහසේ වළාකුළු නොමැති විම හේතුවෙන්.