Saturday, May 18, 2024

General line - 0115112241

සිදුවෙන බව කියන වන විනාශයේ ඇත්ත සොයන්න පාර්ලිමේන්තුවේ ඇති වූ විවාදය

සමන්ත කුමාර




විල්පත්තු වනාන්තරය සහ ඒ ආශ‍්‍රිත ප‍්‍රදේශවල සිදුවූවා යැයි පැවසෙන වන විනාශය සම්බන්ධයෙන් ඊයේ (27) පාර්ලිමේන්තුවේදී කල් තැබීමේ විවාදයක් පැවැත්වුණා. එම යෝජනාව ඉදිරිපත් කළේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර හේෂා විතානගේයි. 

පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර පි‍්‍රයදර්ශන යාපා විවාදයේදී අදහස් පළ කළා. 

විවාදයේ පිළිතුරු කතාව සිදු කළ පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම කියා සිටියේ විලත්තිකුලම් රක්ෂිත වනාන්තරය අවභාවිතය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා සකස් කළ වාර්තාව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත්ව නොමැති බවයි. 

එහිදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර හේෂා විතානගේ, අනුර පි‍්‍රයදර්ශන යාපා සහ රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම අතර සංවාදයක් ඇතිවුණා.