Saturday, May 4, 2024

General line - 0115112241

පළාත් 04කට අද රාත‍්‍රිය වනතෙක් ප‍්‍රබල අකුණු සහිත තද වැසි ඇතිවීමේ අවදානමක්




සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව යන පළාත්වලට අද (12) මධ්‍යම රාත‍්‍රිය වනතෙක් ගිගුරුම් සහිත වැසි සමග ප‍්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

ගිගුරුම් සහිත වැසි සමග පැයට කිලෝමීටර් 80ක පමණ තද සුළං ද ඇති විය හැකි බවටයි ප‍්‍රකාශ කෙරුණේ. 

අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල දී ආරක්ෂිත පියවර අනුගමනය කරන මෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. 

හදිසි තත්වයක දී ප‍්‍රාදේශීය ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්ගේ සහය ලබාගන්නා ලෙසටයි වැඩිදුරටත් දැනුම් දෙන්නේ.