Saturday, May 4, 2024

General line - 0115112241

රටට මත්ද්‍රව්‍ය වැඩියෙන්ම එන තැන ජනපති පෙන්වයි




නීති විරෝධි මත්ද්‍රව්‍ය වැඩි වශයෙන් රටට පැමිණෙන්නේ නැගෙනහිර පළාතෙන් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

වැටලීම් ශක්තිමත් කරනවා සේම එම තත්ත්වය වළක්වාලීමට ප‍්‍රදේශයේ ජනතාවගේ සහය ද රජය අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ. 

ඒ, මඩකලපුවේ අද (12) පැවති ‘‘රට වෙනුවෙන් එකට සිටිමු’’ ජාතික සංවර්ධන වැඩසටහනේ සමාප්ති උත්සවය අමතමින්. 

අලුත් අවුරුදු නැකතට පැළයක් සිටුවා පරිසර සංරක්ෂණය වෙනුවෙන් වගකීම ඉටු කරන්නැයි ජනාධිපතිවරයා මෙහිදී සමස්ත ශ‍්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීමක්ද කළා. 

පරිසර සංරක්ෂණයේ වටිනාකම ශ‍්‍රී ලංකාව පමණක් නොව මුළු ලෝකයම අද හඳුනාගෙන ඇති බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.