Saturday, May 4, 2024

General line - 0115112241

උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදය අවසන්

සජිත් තිලකරත්න




උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්වයට පත් කර තිබෙනවා. කඩිගමුව හා ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථාන අතර දී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට අද (12) පස්වරුවේ බාධා එල්ල වුණා.

කොළඹ කොටුවෙන් පස්වරු 12.40ට හැටන් බලා ගමන් ආරම්භ කළ දුම්රියයි මෙලෙස කාර්මික දෝෂයට ලක්ව තිබුණේ.

කෙසේවෙතත් එම දුම්රිය යථා තත්වයට පත්කර ධාවනයේ යෙදවූ බවයි දුම්රිය ගමනාගමන අධිකාරී ගාමිණි සෙනෙවිරත්න නෙත් නිවුස් වෙත කියා සිටියේ. ඒ අනුව උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ද මේ වනවිට ගැටළුවකින් තොරව සාමාන්‍ය පරිදි සිදුවන බව ප්‍රකාශ කෙරුණා. 
සජිත්