Friday, May 3, 2024

General line - 0115112241

ගෝඨාභයගේ ප්‍රකාශයට ඇමති රාජිතගෙන් උත්තරයක්

තරංග රුක්ෂාන් ජයසේකර




හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව අමෙරිකාවේදී නඩු 02ක් පැවරීමට කොන්සල් ජනරාල් කාර්යාලය සම්බන්ධ බවට කළ ප්‍රකාශය අසත්‍යක් බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. හිටපු ආරක්ෂක ලේකම්වරයා අද (12) දිවයිනට පැමිණීමෙන් පසු කටුනායක ගුවන් තොටුපලේ දී තමාට එල්ල වූ නඩු සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්. 

මේ, අමාත්‍ය රාජිත සේනාරත්න ඊට දැක්වූ ප්‍රතිචාරයයි. 

මම සතුටුයි ඔහු අපේක්ෂකයා වීම තමයි බලාපොරොත්තුව. මොකක්ද උතුරු නැගෙනහිර කවුරුත් ඔහුට ජන්දය ලබා දෙන්නේ නැහැ. ඔහු සියයට බිංදුවකින් ජන්දය පටන් ගන්න කොට අපිට සියයට 30 කින් විතර ඉදිරියෙන් ජන්දය පටන් ගන්න පුළුවන්. අමෙරිකාවේ දී ගොනු කරලා තියෙන සිවිල් නඩු සම්බන්ධයෙන් කැලිෆෝනියාවේ පිහිටි ශ්‍රී ලංකා කොන්සාල් ජෙනරාල් කාර්යාලයේ කිසිදු සම්බන්ධයක් නැහැ. එහෙ සිටින්නේ ඝාතනයට ලක්වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ සහෝදරිය. ඇය මට දුරකතනයෙන් කතා කරලා කිව්වා මෙහෙම දෙයක් සම්බන්ධයෙන් ඇයගේ කිසිදු දැනීමක් නොතිබූ බව. මෙහෙම අයද ජනාධිපතිවරණය ඉල්ලන්න යන්නේ.

අමාත්‍ය රාජිත සේනාරත්න මෙම අදහස් පළ කළේ පාලින්ද නුවර පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලබාදෙමින්.