Saturday, May 4, 2024

General line - 0115112241

අවුරුදු ගමන් බිමන්වලින් දුම්රිය පිරෙයි

තරංග රුක්ෂාන් ජයසේකර




සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් හෙට දිනයේ ද විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර තිබෙනවා. ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළේ අතිරේක බස් රථ ගමන්වාර හෙට (13)  දිනයේ ද මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් ධාවනයට එක් කරන බවයි. 

විශේෂ දුම්රිය සේවාද හෙට දිනයේත් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. කොළඹ කොටුව දුම්රිය ස්ථාන අධිකාරී පියල් විජේසිරි ප්‍රකාශ කළේ ඊයේ දිනයේ සිට වෙනදාට වඩා වැඩි මගීන් සංඛ්‍යාවක් දුම්රියෙන් සිය ගමන් අවශ්‍යතා සපුරා ගත් බවයි. 

පෞද්ගලික බස් හිමියන්ද ප්‍රකාශ කළේ මගී අවශ්‍යතාව මත හෙට දිනයේ දී බස් රථ ධාවනයට එක්කරන බවයි.