Saturday, May 4, 2024

General line - 0115112241

ජනපති පරීක්ෂණ කොමිසමේ සාක්ෂි දුන් වෛද්‍යවරියකට තර්ජන




ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ සිදු වූ වංචා සම්බන්ධයෙන් ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව ඉදිරියේ සාක්ෂි ලබාදුන් වෛද්‍යවරියකට එම මධ්‍යස්ථානයේ හිටපු වැඩබලන අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන තර්ජනය කර තිබෙනවා. ඒ අනුව ජනාධිපති පර්යේෂණ කොමිසන් සභාව එම තර්ජනය සම්බන්ධයෙන් වින්දිතයින් ආරක්ෂා කිරීමේ පොලිස් කොට්ඨාශයේ අධ්‍යක්‍ෂවරයාට ලිඛිතව දැනුම් දීමටයි පියවර ගෙන ඇත්තේ. 

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ඉකුත් සමයේ සිදු වූ වංචා සහ දූෂණ සම්බන්ධයෙන් අද (12) දිනයේ ද විමර්ශන කටයුතු සිදු කෙරුණා. ඊට අදාළවයි සාක්ෂිකාර වෛද්‍යවරිය විසින් තමාට එල්ල වූ බව කියන තර්ජන සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත්තේ. ඇය පවසා ඇත්තේ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන හට ඉහළ නිලධාරීන් සමඟ සබඳතා ඇති බවත් ඒ හේතුවෙන් දෙපාර්තමේන්තු මට්ටමෙන් තමාර අගතියක් වන බවත්ය. 

මීට පෙර ද කිරි ගවයින් ආනයනය කිරීමේ දී සිදු වූ වංචා සම්බන්ධයෙන් පැමිණිලි විභාගයේ සාක්ෂිකරුවෙකුට කිසියම් පිරිසක් තර්ජනය කර තිබූ අතර ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව කඩිනමින් ඒ සම්බන්ධයෙන් පියවර ගෙන තිබුණා.